Article 03 - Lesson 03

"Choosing the Right Fish & Tank Mates - Who gets along? - ටැංකියට ගැලපෙනම මාළු තෝරා ගමු - කවුද යාළුවෝ? කවුද හතුරෝ? (Tank Mates Guide)"
--- සිංහල ---
ඔන්න දැන් අපේ ටැංකියේ වතුර හොඳටම සකස් වෙලා තියෙන්නේ (Cycled). දැන් තමයි හොඳම කොටස, මාළු දාන එක! හැබැයි කඩේට ගිහින් ලස්සනම මාළු ඔක්කොම එකට දාන්න බැහැ.
1. ආධුනිකයන්ට හොඳම මාළු (Hardy Fish for Beginners)
ඔබ අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම්, ඉක්මනට ලෙඩ වෙන හෝ මැරෙන මාළු ගන්න එපා. මේ අයගෙන් පටන් ගන්න:
• Guppies (ගප්පි): හරිම ශක්තිමත්, පැටව් ගහනවා ඉක්මන්.
• Platies / Mollies: පාට ගොඩක් තියෙනවා, හදන්න ලේසියි.
• Zebra Danios: හරිම කඩිසරයි, ලෙඩ අඩුයි.
2. එකට දාන්න පුළුවන් කවුද? (Community Fish)
සාමකාමී ටැංකියක් (Community Tank) හදනවා නම් මේ අය එකට ඉන්න කැමතියි:
• Guppies, Mollies, Swordtails, Tetras (Neon/Cardinal), Rasboras, Corydoras Catfish.
3. එකට දාන්න බැරි කවුද? (Aggressive / incompatible)
• Goldfish + Tropical Fish: ගෝල්ඩ් ෆිෂ්ලා වතුර ජරාව කරනවා වැඩියි. පොඩි මාළුන්ව කන්න පුළුවන්. à¶’ නිසා ගෝල්ඩ් ෆිෂ්ලව තනියම හදන à¶‘à¶š හොඳයි.
• Betta (Fighting Fish): කවදාවත් ෆයිටර් මාළු දෙන්නෙක් à¶‘à¶šà¶§ දාන්න එපා. අනිත් පාට පාට වරල් තියෙන මාළුන්ටත් (ගප්පි වගේ) මුන් ගහනවා.
• Oscar / Flowerhorn: මේ වගේ ලොකු මාළු (Monster fish) පොඩි මාළු à¶‘à¶šà·Šà¶š දාන්න බැහැ. උන්ව ගිලිනවා.
• Tiger Barbs: මේ අය අනිත් මාළුන්ගේ වරල් කනවා (Fin nippers). ඒන්ජල් වගේ දිග වරල් තියෙන අය à¶‘à¶šà·Šà¶š දාන්න එපා.
💡 මතක තබා ගන්න:
මාළු ගන්න කලින් Google කරලා බලන්න "Is [Fish A] compatible with [Fish B]?" කියලා. නැත්නම් කඩේ මුදලාලිගෙන් අහන්න.
ඊළඟ ලිපියෙන්:
මාළුන්ට කෑම දෙන්න ඕනේ කොහොමද? කෑම ජාති මොනවද? කෑම වැඩි වුනොත් මොකද වෙන්නේ? (Feeding Guide).
--- English ---
Your tank is cycled and ready. Now comes the fun part: buying fish! But you can't just mix any fish together.
1. Best Starter Fish (Hardy):
• Guppies, Platies, Mollies: Colorful and very tough.
• Zebra Danios: Active and resilient.
2. Good Tank Mates (Community):
• Guppies, Neon Tetras, Rasboras, and Corydoras Catfish usually live happily together.
3. BAD Combinations (Avoid these):
• Goldfish + Tropical Fish: Goldfish produce too much waste and prefer cooler water. Keep them separate.
• Betta Fish: Never put two male Bettas together. They may also attack colorful fish like Guppies.
• Oscars/Flowerhorns: Will eat any fish that fits in their mouth.
• Tiger Barbs: Known to nip the fins of slow-moving fish like Angelfish.
Rule of Thumb: Always research "compatibility" before buying.