Guppy Business Guide - Lesson 03

"Can't Wait 4 Months! - The Strategy to Grow Guppy Fry to Selling Size in Just 8 Weeks - (SI) මාස 4ක් බලන් ඉන්න බෑ! - ගප්පි පැටව් මාස 2න් විකුණන සයිස් එකට ගේන "වේගවත් වර්ධන ප්ලෑන් එක" (Rapid Growth Strategy)"
--- සිංහල ---
ගප්පි පැටියෙක්ගේ ජීවිතේ පළමු දවස් 30 තමයි වැදගත්ම කාලය. මේ කාලේදී හරියට කෑම නොදුන්නොත්, උන් "ස්ටන්ට්" (Stunt) වෙනවා. ඒ කියන්නේ කුරු වෙනවා. ඊට පස්සේ මොනවා දුන්නත් ලොකු වෙන්නේ නෑ.
ෆාම් එකක අරමුණ වෙන්න ඕනේ මේ දවස් 30 ඇතුළත උපරිම වර්ධනයක් ලබා ගැනීමයි.
1. අංක එකේ රහස: ආටීමියා (Baby Brine Shrimp - BBS) 🦐
ඔබට බිස්නස් එකක් කරන්න ඕනේ නම්, මේක නැතුවම බෑ.
• ඇයි මේක විශේෂ? මේවා අලුත ඉපදුණු පොඩි ඉස්සෝ. උන් වතුරේ දඟලනකොට ගප්පි පැටව් උනන්දුවෙන් පන්න පන්න කනවා. මේකේ තියෙන à¶…à¶°à·’à¶š à¶´à·Š‍රෝටීන් සහ මේදය නිසා පැටව් පුදුම වේගෙකින් ලොකු වෙනවා වගේම පාටත් එනවා.
• කරන විදිය: කඩෙන් කුඩු කෑම ගෙනත් දෙනවට වඩා, ආටීමියා à¶¶à·’à¶­à·Šà¶­à¶» ගෙනත් ගෙදරදීම පුපුරවාගෙන (Hatching) දිනපතා පෝෂණය කරන්න.
(ආටීමියා නැත්නම් විකල්පය: à¶¶à·’à¶­à·Šà¶­à¶» à¶šà·„ මදය වතුරේ දිය කරලා දීම හෝ ඉතාම සිහින්ව කුඩු à¶šà·… උසස් තත්ත්වයේ පැටව් කෑම (Micro Pellets). හැබැයි à¶´à·Š‍රතිඵලය ආටීමියා තරම් නෑ).
2. කෑම දෙන වාර ගණන (Frequency is Key) ⏰
පොඩි පැටවුන්ට තියෙන්නේ බොහොම පොඩි බඩක්. ඒක ඉක්මනට පිරෙනවා, ඉක්මනට බඩගිනි වෙනවා.
• වැරදි à¶šà·Š‍රමය: දවසට à¶‘à¶š පාරක් හෝ දෙපාරක් කෑම දීම.
• හරි à¶šà·Š‍රමය: දවසට 4 පාරක් හෝ 6 පාරක් ඉතාම කුඩා à¶´à·Š‍රමාණ වලින් කෑම දෙන්න. (උදේ, දවල්, හවස, රෑ).
3. වතුර මාරු කිරීමේ රහස (The Growth Hormone Secret) 💧
ගප්පි පැටව් වතුරට යම්කිසි හෝමෝනයක් මුදා හරිනවා. මේ හෝමෝනය වතුරේ වැඩි වුනාම, අනිත් පැටවුන්ගේ වර්ධනය බාල වෙනවා.
• විසඳුම: පළමු මාසය පුරාවටම, දවසකට සැරයක් හෝ දවස් දෙකකට සැරයක් වතුරෙන් 20%à¶šà·Š අයින් කරලා අලුත් වතුර දාන්න. මේකෙන් පැටව් ෆ්‍රෙෂ් වෙලා ඉක්මනට ලොකු වෙනවා.
📅 පළමු සති 2 කාලසටහන (Action Plan):
• සතිය 1-2: ලොකු අයගෙන් ඉස්සෙල්ලාම අයින් කරපු ටැංකියේ තාම පැරටවු ඉන්නේ...(මතක ඇතුව දවසට දෙතුන් වතාවක් පැටවු අයින් කර්න්න ලොකු අයගෙන්)
• සතිය 3: දැන් පැටව් à¶§à·’à¶šà¶šà·Š ලොකුයි, අම්මලාට කන්න බැහැ. දැන් පැටව් à¶§à·’à¶š වෙනම "ලොකු කරන ටැංකියකට" (Grow-out Tank) මාරු කරන්න.
ඊළඟ ලිපියෙන් (Next Lesson):
සති 3න් පැටව් à¶§à·’à¶š වෙනම ටැංකියකට ගත්තා. දැන් කොහොමද මේ "Grow-out Tank" à¶‘à¶š හදන්නේ? දහස් ගණනක් à¶‘à¶šà¶§ දාලා හදනකොට ලෙඩ නොවී, වරල් හැපෙන්නේ නැතුව හදාගන්න à¶šà·Š‍රමය (High-Density Grow-out Systems).
--- English ---
The first 30 days of a guppy fry's life define its future. If fed poorly now, they will become "stunted" – permanently small and low value.
Your farm's goal is maximum growth in these first 30 days.
1. The #1 Secret Weapon: Baby Brine Shrimp (BBS/Artemia) 🦐
If you are serious about business, this is non-negotiable.
• Why? These are tiny, live shrimp loaded with protein and fat. Their wiggling movement triggers the fry's hunting instinct, making them eat far more than dead powder food. This is the secret to rapid growth and early coloration.
• Method: Don't rely on shop-bought powder. Hatch your own Artemia eggs daily for the best results.
(Alternative if BBS is impossible: Boiled egg yolk dissolved in water or very high-quality micro-pellets/powder. But the results won't match live BBS).
2. Tiny Stomachs Need Frequent Feeding ⏰
Fry have microscopic stomachs. They fill up fast and empty fast.
• Wrong Way: Feeding once or twice a day.
• Right Way: Feed tiny amounts 4 to 6 times a day. Constant nutrition is key.
3. The Water Change Secret (Removing Growth Inhibitors) 💧
Fish release hormones into the water that inhibit the growth of other fish. If these hormones build up, growth slows down.
• The Solution: During the first month, perform small (20%) water changes every day or every other day. This keeps the water fresh and accelerates growth significantly.
📅 The First 2 Weeks Action Plan:
• Weeks 1-2: Let the fry stay in the breeding tank, hiding in the moss with parents. Target feed them BBS 4 times a day directly into the moss.
• Week 3: The fry are now too big to be eaten. Move them to a separate "Grow-out Tank."