Lesson 2

"In a Rush to Add Fish? WAIT! - Water Prep & The Nitrogen Cycle (The #1 Killer of New Fish) -  මාළු ගෙනත් දාන්න හදිස්සිද? පොඩ්ඩක් ඉන්න! - වතුර සකස් කිරීම සහ නයිට්රජන් චක්රය (The Killer mistake)"

--- සිංහල ---
අලුත් ටැංකියක් ගත්තම හැමෝටම තියෙන ලොකුම හදිස්සිය තමයි, එදාම වතුර පුරවලා පාට පාට මාළු ගෙනත් දාන එක. ඔබත් එහෙම කරන්න හිතන් ඉන්නවා නම්, මේ දැන්ම ඒ අදහස අතහරින්න!
ඇයි? මොකද ටැප් එකෙන් එන වතුර පිරිසිදු වුනාට, ඒකේ මාළුන්ට ජීවත් වෙන්න සුදුසු "පරිසරය" හැදිලා නෑ
1. ක්ලෝරීන් (Chlorine) - පළමු සතුරා
අපිට බොන්න එන වතුරේ විෂබීජ මරන්න ක්ලෝරීන් දාලා තියෙනවා. මේ ක්ලෝරීන් මාළුන්ගේ කරමල් (Gills) පුච්චලා දානවා.
• විසඳුම: වතුර පුරවලා අවම වශයෙන් පැය 24ක්වත් මාළු නොදා තියන්න (වාතයට ක්ලෝරීන් ඉවත් වෙනවා). නැත්නම් à¶šà¶©à·š තියෙන "Anti-Chlorine" දියරයක් පාවිච්චි කරන්න.
2. නයිට්රජන් චක්රය (Nitrogen Cycle) - නොපෙනෙන මාරයා
මේක තමයි වැදගත්ම දේ. අලුත් ටැංකියකට මාළු දැම්මම, උන්ගේ මළපහ (Poop) සහ ඉතුරුවෙන කෑම නිසා වතුරේ "ඇමෝනියා" (Ammonia) කියන අධික විෂ රසායනය හැදෙනවා. මේක මාළුන්ට දරාගන්න බෑ, ඔවුන් දවස් කිහිපයකින් මැරෙනවා. (මේකට කියන්නේ New Tank Syndrome කියලයි).
• මොකක්ද කරන්න ඕනේ? (How to Cycle)
මේ ඇමෝනියා කන "හිතකර බැක්ටීරියා" (Good Bacteria) වර්ගයක් ඔබේ ටැංකියේ ෆිල්ටර් එක (Filter) ඇතුලේ ඉබේම හැදෙන්න ඕනේ. මේකට සති 2 සිට 4ක් විතර යනවා.
• ප්රායෝගික පියවර:
1. ටැංකිය/පොකුණ සකස් කර වතුර පුරවන්න (ක්ලෝරීන් ඉවත් කරන්න)
2. ෆිල්ටර් එක සහ ඔක්සිජන් මැෂින් එක දාන්න (දැන් මේවා 24 පැයේම වැඩ කරන්න ඕනේ).
3. මාළු දාන්න එපා!
4. ඒ වෙනුවට දවස් 2කට සැරයක් මාළු කෑම ඇට 4-5ක් වතුරට දාන්න. (මේවා දිරාපත්වෙලා හැදෙන ඇමෝනියා කාලා, අර හිතකර බැක්ටීරියා ටික ඔබේ ෆිල්ටර් එකේ පදිංචි වෙන්න පටන් ගනීවි).
5. සති 2-3ක් මෙහෙම ගියාම, වතුර ටික මාළුන්ට සුදුසු තත්ත්වයට පත් වෙනවා
වැදගත්: මෙය වීදුරු ටැංකි වලට මෙන්ම, බිස්නස් කරන අයගේ අලුත් සිමෙන්ති ටැංකි වලටත් එකසේ අදාළ වේ!
ඉවසීම තමයි මේ විනෝදාංශයේ යතුර!
ඊළඟ ලිපියෙන් (Next Lesson):
දැන් වතුර හරි. මොන මාළුද තෝරගන්නේ? එකට දාන්න පුළුවන් සහ බැරි මාළු වර්ග (Tank Mates) ගැන දැනගනිමු.
--- English ---
The biggest mistake new fish keepers make is adding fish on day one. Tap water looks clean, but it's toxic to fish initially.
1. Chlorine: The chlorine in tap water burns fish gills. Always use a dechlorinator or let the water sit for 24 hours before use.
2. The Nitrogen Cycle (Must Read):
When you put fish in a new tank, their waste produces Ammonia, which is highly toxic. In a brand new tank, there is nothing to remove this ammonia, and your fish will die (New Tank Syndrome).
• The Solution (Cycling): You need to grow "Beneficial Bacteria" in your filter media. These bacteria eat Ammonia and turn it into less toxic Nitrate. This process usually takes 2-4 weeks.
• How to Cycle a New Tank (Fishless Cycle):
1. Set up the tank/pond, fill with dechlorinated water.
2. Turn on the filter and heater (keep them running
24/7).
3. DO NOT add fish yet.
4. Instead, add a small pinch of fish food every 2 days. As it decays, it feeds the good bacteria, allowing them to multiply in your filter.
5. After 2-3 weeks, the tank will be "cycled" and ready for a few starter fish.
Note: This applies to both glass hobby tanks and new concrete ponds for breeding businesses. Patience saves fish lives!
Next Lesson: Choosing your fish and understanding compatible tank mates.